FAST NEWS

24×7 Around the Globe

එජාප ආසන සංවිධායකයවරුන්ට අගමැති රනිල්ගෙන් උපදෙස්..

රජයේ ආර්ථික නව සැලසුම් හා රැකියා දස ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොට්ඨාස මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා තම උපදෙස් මත අරඹා ඇති වැඩපිළිවෙළ අප්‍රේල් මස දෙවැනි සතිය වන විට අවසන් කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප ආසන සංවිධායකයන්ට හා මන්ත්‍රිවරුන්ට උපදෙස් දී තිබේ.

එජාප ශාඛා සමිති, තරුණ හා කාන්තා සමිති, ලක් වනිතා සංවිධාන හා යොවුන් පෙරමුණ සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කෙරෙන මේ වැඩසටහන මේ වන විට මැතිවරණ කොට්ඨාස 60කට අධික ප්‍රමාණයක සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර ඇතැම් ඇමැතිවරුන් ආසන සංවිධායක ධුර දරන මැතිවරණ කොට්ඨාස ගණනාවක එය මන්දගාමී ස්වරූපයකින් ක්‍රියාත්මක කෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා වෙත වාර්තා වී තිබේ.

පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කළ ජනතාව දැනුවත් කිරීමේ මේ වැඩපිළිවෙළ පිළිබඳව දෙසතියකට වරක් ඉදිරිපත් කළ යුතු ප්‍රගති සමාලෝචන වාර්තා නිසි පරිදි එවා නොමැති ආසන සංවිධායකයන් පිළිබඳව තමා දැනුවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබේ.