FAST NEWS

24×7 Around the Globe

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් විශ්‍රාම යයි..

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ලබන අඟහරුවාදා (28) විශ‍්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා වන කේ. ශ්‍රී පවන් මහතාගේ ජන්ම දිනය පෙබරවාරී මස 29 වැනිදාවකට යෙදී ඇති හෙයින් පෙබරවාරී මස 28 වැනිදා ඔහු විශ‍්‍රාම ගන්නා බව වාර්තා වේ.

හිටපු අගවිසුරු ශිරාණී බණ්ඩාරණායක මහත්මිය අගවිනිසුරුධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව 2015 වසරේ මුල් කාර්තුවේදී  කේ. ශ්‍රී පවන් මහතා අගවිනිසුරුධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසිනි.