FAST NEWS

24×7 Around the Globe

‘රටේ ඉදිරි සංවර්ධනයට අමෙරිකාවේ සහය අපේක්ෂා කරනවා’…

තම රජයේ ප්‍රතිපත්තිය සියලුම රටවල් සමඟ සහයෝගීතාව ගොඩනගා ගැනීම තුළින් ආර්ථික ප්‍රගතිය වේගවත් කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ අධීක්ෂණ සභාපති ඇතුළු කොංග්‍රස් මණ්ඩලයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී තිබේ.

එහිදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එසේම අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී  ලංකාව අතර ද්වීපාර්ශවික සබඳතා තර කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙරට නව සංවර්ධන වැඩපිළිවෙළ සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.