FAST NEWS

24×7 Around the Globe

විකෘතිව නිමැවූ අමුතු ආරක පිළිම 11ක් මහ මුහුදෙන් හමුවෙයි…

මහ මුහුදේ ගෝනියක දමා පාවෙමින් තිබූ අමුතු ආරක පිළිම එකොළහක්‌ පෙරේදා (22 දා) ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයකුට හමුවී තිබේ.

අහුන්ගල්ලේ පදිංචි එම ධීවර කාර්මිකයා එම පිළිම වහන්සේලා එකොළොස්‌ නම අහුන්ගල්ල පුරාණ ක්‍ෂෙත්‍රාරාමාධිපති, බළපිටිය විහාරාධිපති සංගමයේ ලේකම් ආපොළ මංගල හිමියන් වෙත එම විහාරස්‌ථානයට පැමිණ භාරදී තිබේ.

එම පිළිම වහන්සේලා මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ ඒවා වන අතර පිළිම සියල්ල ලීයෙන් අඹා ඇති අතර සීවලී මහ රහතන් වහන්සේ දානය වළඳන ආකාරය රූපණය කෙරේ.

එහෙත් එම සියලු පිළිම අහස දෙසට හැරී සිටින ආකාරයෙන් විකෘති ස්‌වරූපයෙන් නිර්මාණය කොට තිබේ.