16 කට මරු කැඳවූ බෝට්ටු අනතුරේ රියදුරා අත්අඩංගුවට…
කටුකුරුන්ද මුහුදු තීරයේ දී අනතුරට පත් වූ යාත‍්‍රාව පැද වූ පුද්ගලයා කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දකුණ පොලිසිය පැවසුවේ ඊයේ (23) පස්වරුවේ බේරුවල වරායේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
24 හැවිරිදි සැකකරු බේරුවල බෝගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු නමින් පුංචිහේවාගේ දිනේෂ් රුවන් කුමාර නැමැත්තෙකි.
එසේම පසුගියදා සිදුවූ මෙම බෝට්ටු අනතුරෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
UPDATE: 16 කට මරු කැඳවූ බෝට්ටු අනතුරේ රියදුරා මාර්තු 06 තෙක් රිමාන්ඩ්…
ඊයේ (23) පස්වරුවේ බේරුවල වරායේ දී අත්අඩංගුවට ගත් බෝට්ටුව පැදවූ සැකකරුව අද(24) දින කළුතර වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍යාමලී යාපා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදි.
එසේම මගී ප්‍රවාහනයට යොදා ගත් අදාළ ධීවර යාත්‍රාවේ බලපත්‍රය ද රජය මගින් තහනම් කරනු ලැබීය.








