FAST NEWS

24×7 Around the Globe

නවකවදය ගැන ඔන්ලයින් ක්‍රමයට පැමීණිලි කරන්න වරම්..

විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය හා සම්බන්ධ පැමිණිලි අන්තර්ජාලය මගින් හා දුරකථනය තුළන් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව  නිවේදනය කර සිටියි.

එ අනුව දුරකථන අංක 0112 123456 ට හෝ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම මොහොතක සිය ගැටළුව ඉදිරිපත් කිරීමේ හැකියාව සරසවි සිසුන්ට අවස්ථාව සලසා තිබේ.

විශ්වවිද්‍යාලවල නවකවදය මෙන්ම සිසුන්ට සිදුවන ඕනෑම හිරිහැරයක් පිලිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙමඟින් අවස්ථාව හිමිවෙයි.