FAST NEWS

24×7 Around the Globe

නාගරික සංවර්ධන අධිකාරියේ විශේෂ සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත වෙයි…

නාගරික සංවර්ධන අධිකාරියේ විශේෂ සේවා මධ්‍යස්ථානයක් බත්තරමුල්ල – සෙත්සිරිපායේ ස්ථාපිත කර තිබේ.

ගොඩනැගිලි අයදුම්පත් නිකුත් කිරීම, බාරදීම, ජනතාවට ඇතිවන ගැටළු හා පැමිණිලි බාරගැනීම, විමර්ශනය කිරීම හා තොරතුරු ලබාදීම මෙම කාර්යාලය මඟින් සිදුකිරීමට නියමිතය.

ගොඩනැගිලි අනුකූලතා සහතික ලබාදීම, ගොඩනැගිලි බලපත්‍ර  ලබාදීම, සංවර්ධන කටයුතු සඳහා මූලික නිර්ණායකයන් සිදුකිරීම ආදී බලතල පළාත් පාලන ආයතන වෙතින් නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පසුගියදා පවරාගනු ලැබීය.

ඒ අනුව අදාළ කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම නව කාර්යාලය ස්ථාපිත කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

සති 04ක් ඇතුළත ගොඩනැගිලි අනුකූලතා සහතික ලබාදීම, සති තුනක් ඇතුළත අනුකූලතා සහතික නිකුත් කිරීම මෙම කාර්යාලය මගින් සිදුකරනු ඇත.

එමෙන්ම ලිපි ලේඛන පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් සති දෙකක් ඇතුළත ඉල්ලුම්කරුට දැනුම්දීමට ද පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.