FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්ත – දෙහිවල මුහුදුබඩ දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ…

නව පාලමක් ඉදිකිරීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සහ දෙහිවල අතර කොටස අද රාත්‍රී 10 සිට මේ මස 27 වනදා අලූයම හතර දක්වා තාවකාලිකව වසා තැබෙයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාතර, ගාල්ල සහ අලූත්ගම සිට පැමිණෙන දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි.

එසේම කොළඹ – කොටුවෙන් ආරම්භ වන දුම්රිය ධාවනය වන්නේ වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණය.