FAST NEWS

24×7 Around the Globe

රනිල්ගේ ආණ්ඩුවේ ණය ගෙව්වේ මම – හිටපු ජනපති හෙළි කරයි..

2005 තමන් රට භාර ගන්නා විට එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙවන්නට තිබූ ණය ප්‍රමාණය බිලියන 2222ක් බවත් එම මුළු ණය මුදලම ගෙවා දමන්නට සිදුවූයේ තමන්ට බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඒ ගැන වචනයකුදු කතා නොකරන අගමැතිවරයා තමන්ගේ ආණ්ඩුව ශ්‍රී ලංකාව ලෝකයට මේ රට ණය කළ බව කියන්නට උත්සුක වී ඇත්තේ ණය බිල්ලා පෙන්වා මේ රටේ ජාතික දේපළ විදේශ රටවලට විකිණීම සඳහා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝක ණය බරක් ගැන දිගින් දිගටම පවසමින් ජනතාවගේ දේපළ නොරටුන්ට විකිණීම සඳහා පෙළගැසෙන ක්‍රියාදාමයේදී එල්ල විය හැකි ජනතා විරෝධය යටපත් කිරීම උදෙසා තමන්ගේ ආණ්ඩුවේ ණය බර ගැන එජාපය මුසාබස් වපුරන බවද මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත්  ප්‍රකාශ කළේය.