FAST NEWS

24×7 Around the Globe

ජීනිවා මානව හිමීකම් සැසිවාරයේදී ලංකාවට දින තුනක් වෙන් කෙරේ..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දින 03 ක් වෙන්කර තිබේ.

මෙම සැසි වාරය ලබන 27 වනදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වන අතර මාර්තු 02,15 සහ 22 වනදා ශ්‍රී ලංකාව පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

මාර්තු 02 වනදා මෙරට සිදුවූ පුද්ගල පහරදීම් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මේ පිළිබදව සොයා බැලීම සදහා ඉකුත්දා මෙරට ක්ෂෙත්‍ර චාරිකාවක නිරත විය.

ඒ පිළිබද සැකසූ වාර්තාවක්ද මෙහිදී ජිනිවා මානව හිමිකම් සැසිවාරය සදහා ඉදිරිපත් කිරිමට නියමිතයි.

මාර්තු 15 වනදා මෙරට වෙසෙන සුළු ජාතීන්ගේ ගැටලූ පිළිබද සාකච්ඡාවට ලක් කෙරෙයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාවේ කරුණු විමසීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස 22 වනදායි.