FAST NEWS

24×7 Around the Globe

වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52 කට නඩු..

පාලන මිල නොතකා වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිනයේ වැටලීම් 137ක් සිදුකළ බවත් එහිදි වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක්  හදුනාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම පුද්ගලයන්ට හා ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යෙ රිෂාඩ් බදුයුදීන් මහතා කියා සිටියේය.

එසේම අහඹු ලෙස තෝරගාත් ස්ථානයන් හා සහල් වැඩිමිලට විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදුකරන බවද හෙතෙම පැවසීය.

ඊයේ (20)  දිනය පුරා සහල් පිළිබඳව කරන ලද වැටලීම් අතිරින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් වන අතර එම සංඛ්‍යාව  13කි.

මහනුවර දිස්ත්‍රීක්කයෙන් වැටලීම් 12ක්, කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වැටලීම් 10ක්, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ වැටලීම් 08ක් හා වවුනියාව දිස්ත්‍රීක්කයේ වැටලීම් 07ක් හා පොළොන්නරුව හා කෑගල්ල දිස්ත්‍රීක්කයන්හි   වැටලීම් 06ක් බැගින් සිදුකර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.