FAST NEWS

24×7 Around the Globe

වීදි ලාම්පු දැල්වෙන කාලය කප්පාදු කරයි..

වීදි ලාම්පු දැල්වෙන කාලය පැය දෙකකින් අඩු කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අද (21) පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වීදි ලාම්පු දැල්වීම පැයකින් ප්‍රමාද කර අලුයම් කාලයේ දී ඒවා පැයකට පෙර නිවා දැමීමට ද අවශ්‍ය ක්‍රියාමාරග ගන්නා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ට හා විශේෂ කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇත.

මේ වනවිට පවතින දැඩි විදුලි අර්බුදය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යංශය සඳහන් කර ඇත.