FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැන ඵලදායී තීන්දුවකට එළඹෙන බව ජනපති කියයි..

මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සියලුදෙනා සමඟ සාකච්ඡා කර ඵලදායී තීන්දුවකට එළැඹිමට අපේක්ෂා කරන බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ සයිටම් ආයතනයේ සිසුන්ගේ දෙමාපිය සංසදය සහ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සමඟ ඊයේ (20) රාති‍්‍රයේ ජනාධිපති නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදීය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව සඳහන් කළ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සහ වෛද්‍ය සභාව සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.

වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා, දෙමාපිය සංසදයේ කිහිප දෙනෙකු සහ ශිෂ්‍ය නියෝජිතයින්ද මෙහිදී තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.