FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති නිවසේ 24 වැනිදා විශේෂ සාකච්ඡාවක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 24 වැනිදා පස්වරුවේ විජයාරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

සීමා නිර්ණය වාර්තාව ගැසට් කිරීමත් සමඟ පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සාකච්ඡා කිරීම සඳහා වන මේ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ද කැඳවා ඇති බවද පැවසේ.