ඉදිරි ජාතික මැතිවරණයක දී කිසිදු ප්‍රධාන පක්ෂයක් සමඟ එක් නොවී තනිවම තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව පෙරේදා (19) පස්වරුවේ පැවති පොදුජන පෙරමුණේ අනුරාධපුර බටහිර හා මිහින්තලේ ආසන වල තරුණ බල බලමණ්ඩලය අමතමින් ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසිය.
අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ නිවසේ දී මෙම රැස්වීම පැවැත්වීණී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට අවශ්‍ය පසුබිම හා වටපිටාව සකස් කර ඇති බවත් ජයග්‍රහණය පෙනි පෙනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් පිරිස් සමඟ එක් වීමට අධිෂ්ඨානයක් නැතැයිද හෙතෙම කියා සිටියේය.
“යහපාලන ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව හා මැති ඇමැතිවරුන් විවේචනය කරන්නේ ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීමටයි. මේක ප්‍රෝඩාවක්.හොදහිත දිනාගන්න කරන රැවටිල්ලක්. මේ රැවටිල්ලට හසු වෙන්නට එපා කියා අපි ජනතාවට කියනවා.
තමන්ගේ පක්ෂය පැරැද්දුවා කියල ලෝකයේ කිසිදු නායකයෙක් මේ වෙනකන් කියල නෑ .නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒක ප්‍රසිද්ධියේ කිව්වා. එවැනි පුද්ගලයන්ට ජන්දය දෙන්නට එපා. ජන්ද තව තවත් කල් දමන්නට තමයි රජයට උවමනා වී තිබෙන්නේ. දැන් මානව හිමිකම් ගැන ප්‍රශ්න තිබෙනවා. සියලුම මානව හිමිකම් උල්ලංඝණය කරමින් ජන්දය කල් දමනවා. අපේ ජනතාව 1931 සිට සර්වජන ජන්ද බලය බුක්ති වින්දා. නමුත් අවුරුදු දෙකකට අයිතිය ලැබුනේ නෑ තමන් කැමති නියෝජිතයන් ගෙන් සමන්විත ප්‍රාදේශීය සභා නගර සභා පත්කර ගැනීමට.” යැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.