FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ නව ආරක්ෂක උපදේශක මැක්මාස්ටර්…

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ආරක්ෂක උපදේශකවරයා ලෙස ලුතිනන් ජනරාල් එච්.ආර්.මැක්මාස්ටර් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හිටපු ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු එම තනතුර සඳහා මෙලෙස ඔහු නම් කර තිබේ.

ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය තුළ මෙහෙයුම් කටයුතු කළ හමුදා නිලධාරියෙකු වන මැක්මාස්ටර් 2014 වර්ෂයේ දී “ටයිම්ස්“ සඟරාව මගින් ඔහු ලෝකයේ වැදගත් පුද්ගලයින් සිය දෙනා අතුරෙන් එක් අයෙකු ලෙස ද නම් කර ඇති බවද පැවසේ.