FAST NEWS

24×7 Around the Globe

නවක වදයට අත්ඩංගුවට ගත් සරසවි සිසුන් 15 දෙනා රිමාන්ඩ්…

නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර  කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

අද(20) අළුයම 01.00 ට පමණ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

පේරාදෙණිය- ගලහ මාර්ගයේ පෞද්ගලික නිවසක් තුළ කෘෂි විද්‍යාපීඨයේ පළමු වසරේ සිසුන් 08 දෙනෙකුට දෙවන වසරේ සිසුන් පිරිසක් නවකවදය ලබා දෙන බවට විශ්වවිද්‍යාලයේ  විනය පාලකවරයාට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ඔහු මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියට දැනුම්දී ඇති අතර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර අදාළ සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නවකවදයට ලක්වූ බව කියන සිසුන් රෝහල්ගත කර ඔවුන් සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ද ලබා ගෙන තිබේ.