FAST NEWS

24×7 Around the Globe

ෆුල් ෆෙස් තහනමට එරෙහි වාරණය යළි දිර්ඝ කිරිමට නියෝග…

යතුරුපැදිකරුවන් සඳහා සම්පූර්ණ මුහුණු ආවරණ හිස්වැසුම් පැළදීම තහනම් කරමින් පොලීසිය පැනවූ රෙගුලාසියක් ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර කිරීමට අභියාචනාධිකරණය (20) නියෝග කළේය.

අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ  සහ එස්. තුරේරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී එම තහනම තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කෙරුණී.

එසේම මෙහිදි විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

ඒ අනුව නඩු විභාගය ජුලි මස 12 වනදාට කල් දැමීය.