රජය තම ඉල්ලීම්වලට සවන් නොදී එම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම් පසුගිය දෙසැම්බරයේ ක්‍රියාත්මක කළ ආකාරයට ඔබ්බෙන් යමින් දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනයක් මාර්තු මාසය ආරම්භයේදී සිදුකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවැසීය.
මොටර් රථ වාහන සම්න්ධයෙන් නීති පැනවීමට හෝ සංශෝධනය කිරීමට පෙරාතුව මාර්ග සංඥා හා පහසුකම් සලසා දීම රජයේ වගකීමක් බැවින් එසේ නොමැතිව මෙම කමිටු නිර්දේශවලට එකඟවිය නොහැකි බව ඔවුන්ගේ ඉල්ලීම වී තිබේ.
ජනාධිපති කමිටුවේ වාර්තාව ඉකුත් 15 වැනි දින බස් සංගම් නියෝජිතයන් අතට පත් කළ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විද්වත් මණ්ඩලයක් විසින් සකසන ලද එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරන බවට ඔවුන්ට දන්වා තිබේ.
එම ජනාධිපති කමිටුව රුපියල් 25,000ක් වූ දඩ මුදල රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වූ ඉහළ නැංවීමට එම වාර්තාව මගින් සඳහන් කර ඇති බවද එම සංගම් පවසයි.
කමිටුවේ එම නිර්දේශ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සති 2ක කාලයක් ලබා දෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී බස් සංගම් නියෝජිතයන්ට දැන්වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.