FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ප්‍රවේශයට සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අදින් අවසන්..

2016 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අදින් (20දා) අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

මෙවර ලියාපදිංචි කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා පමණක් සිදු කෙරනෙ අතර නැවත සමීක්ෂණ කටයුතු සඳහා යොමුකර ඇති සිසුන් එහි ප්‍රතිඵල ලැබුණු පසු වෙනසක් ඇත්නම් අභියාචනයක් මඟින් ඉදිරිපත් කරන ලෙසද එම කොමීසම පවසයි.