FAST NEWS

24×7 Around the Globe

සවස දෙකෙන් පසු ගිගුරුම් සහති වැසි වැටෙයි..

අද (20) දිනයේදී දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකි බවද සඳහන්.

සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණු  පළාත්වල ඇතැම් ස්ථානවල තරමක් තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.