FAST NEWS

24×7 Around the Globe

සයිටම් දෙමාපිය සංගමය හා ජනපති මෛත්‍රී අතර හමුවක්..

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (20 වැනිදා) රාත්‍රි 7.00 ට විශේෂ සාකච්ඡාවක්‌ පවත්වන බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති පී. එම්. බී. කේ. තෙන්නකෝන් මහතා ඊයේ (19) මාධ්‍යට පැවසීය.

අද (20) සාකච්ඡාව සඳහා සයිටම් ආයතනයේ නිලධාරීන්, සයිටම් සිසුන් සහ දෙමාපියන්ගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ එක්‌වන බවද එහිදී පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත්කළ මහාචාර්ය මාරසිංහ මහතා විසින් සකස්‌ කරන ලද කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම කීය.