FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් අපිටත් කැළලක් – අැමති කේ. ෂන්මුගම් පවසයි…

සිංගප්පූරු ජාතිකයෙකු වන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කි‍්‍රයා පිළිවෙත සිය රටට කැළලක් බව සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් ප‍්‍රකාශ කර තිබේ.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති පෞද්ගලික හමුවකදීය.

සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෙම හමුවේදී ප‍්‍රකාශ කර ඇත්තේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ඉකුත් 13 වැනිදා වන අතර ඊයේ (18) රාත‍්‍රියේ ඔහු යළි දිවයිනට පැමිණියේය.