FAST NEWS

24×7 Around the Globe

රටේ පාන්පිටි වැඩි වෙයි…

මෙරට පාන්පිටි පරිභෝජනය සීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇතැයි සහල් පිටි කර්මාන්තකරුවන්ගේ එකමුතුව පැවැසීය.

එහි සාමාජික අරුණ කාන්ත බණ්ඩාර සඳහන් කළේ මෙරට සහල් ගොවියාට හිමි වී තිබූ වෙළඳපොල අමෙරිකානු ගොවීන් වෙත ලබාදීමට දේශපාලන බලධාරීන් කටයුතු කර ඇති බවයි.

දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

එහිදී ඔහු සඳහන් කළේ “මේ වසරේ පාන්පිටි ටොන් ලක්ෂ 11 ක් වැඩිපුර ගෙනල්ලා තියෙනවා. සහල් ගොවියගේ වෙඳළපොළ තමයි මේ විදිහට අහිමි වෙලා තියෙන්නේ.” යනුවෙනි.