FAST NEWS

24×7 Around the Globe

සහල් සඳහා වන නව පාලන මිල ගණන් ගැසට් කෙරේ..

දේශීය සහ ආනයනික සහල් සඳහා වන නව පාලන මිල ගණන් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඊට අදාළ මිල ගණන් ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව

ආනයනික නාඩු සහල් 1kg      – රුපියල් 72
දේශීය නාඩු සහල්  1kg           – රුපියල් 80
ආනයනික කැකුළු සහල්  1kg  – රුපියල් 70
දේශීය කැකුළු සහල් 1kg         – රුපියල් 78

එසේම කීරි සම්බා සහ සූදුරු නොවන ආනයනික සම්බා කිලෝවක මීල රුපියල් 80ක් වන අතර දේශීය මිල රුපියල් 90කි.

එසේම ඉදිරියේදී මෙරටට ප්‍රමාණවත් ලෙස සහල් ආනයනය කරන බවත් මෙරට වේළඳපොළ තුළ කිසිඳු අකාරයක සහල් අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මාධ්‍ය වෙත පැවසීය.