FAST NEWS

24×7 Around the Globe

නියඟයෙන් පිඩාවට පත්වූ ගොවීට ජනපතිගෙන් වන්දි..

නියඟයෙන් පිඩාවට පත්වූ ජනතාවට ඉදිරියේදී සහල් සහනාධාර ලබාදීමට නියමිත අතර ඔවුන් අතරින් සෑම ගොවි පවුලක් සඳහාම ලබන මාර්තු මස අග සිට යල කන්නය ආරම්භ වන තෙක් මසකට රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

නිසි සංඛ්‍යාලේඛණ පිළිබඳව සැලකිලිමත් වෙමින් විධිමත් අයුරින් එම බෙදාහැරීම සිදුකිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා අවධාරණය කර ඇත.