FAST NEWS

24×7 Around the Globe

ජනපති ට්‍රම්ප්ගේ උපදේශකයෝ 10 ක් ඉල්ලා අස්වෙති..

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් සංක්‍රමණිකයන් පැමිණීම වලක්වාලීම ඇතුළු ජනාධිපති ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්තිවලට විරෝධය පා ඔහුගේ උපදේශකයන් දස දෙනෙකු ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ආසියානු – ඇමරිකානු සහ පැසිෆික් දිවයින් පිළිබද ට්‍රම්ප්ගේ උපදේශක කමිටු සාමාජිකයන් පිරිසක් මෙලෙස ඉවත් වූ බව පවැසේ.

මෙම උපදේශකයන්ගේ නිල කාලසීමාව මේ වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා පැවතුණ ද පෙබරවාරි 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඔවුන් ඉවත්වී ඇති බව සදහන්.