FAST NEWS

24×7 Around the Globe

වාහන පෙළපාලි කිහිපයක් කොළඹට – දවල් 12 න් පසු කොළඹ දැඩි තදබදයක්..

සයිට්ම ආයතනයට විරෝධය පළ කරමීන් සරසවි සිසුන් සංවිධානය කළ වාහන පෙළපාලි කිහිපයක් කොළඹ නගරයට පැමිණීම හේතුවෙන් අද (17) දහවල් 12 සිට පස්වරු 3 පමණ දක්වා ගාලු පාර / නුවර පාර / හයිලෙවල් පාර සහ මීගමුව යන මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය නිවේදනය කර සිටියි.

එබැවින් එම කාල සීමාවන්වලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරු මහතුන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියි.

පස්වරු 3 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාකරුවන් රැස්වීමට නියමිත බැවින් කොටුව / ඕල්කට් මාවත / ලෝටස් පාර / මරදාන පාර සහ අලුත්කඩේ ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ පවතින බව පොලීසිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් මහජනතාව සහ රියදුරන් මෙම මාර්ග මගහැර ගමන් කිරීමට කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.