සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සිය තනතුර අපහරණය කරමින් කටයුතු කර ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍ය වෙත පැවැසීය.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට, හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු උත්සාහ ගත් අවස්ථාවේ එය සම්මත වීම වැළැක්වීමට කටයුතු කළේ වෛද්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා බවට වූ තොරතුරු හැන්සාඩ් වාර්තාවලින් හෙළිවෙමින් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
නිමල් සිරිපාල ද සිල්වා සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් දෙදෙනා එසේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට ගත් උත්සාහය එසේ වැළැක්වීමේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය වෛද්‍ය සභාවට හා රෝගී අයිතිවාසිකම්වලට පටහැනි බව තහවුරු වී ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙයි.
වෛද්‍ය ආඥා පනතට අදාළව විෂය භාර ඇමැතිවරයා ලෙස වර්තමාන සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න ක්‍රියාකර ඇත්තේ මීට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ ක්‍රියාකාරිත්වයට හාත්පසින්ම පරස්පර වන ලෙස බවද හෙතෙම සඳහන් කරයි.
වෛද්‍ය සභාව රෝගීන් වෙනුවෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ බලාත්මක කිරීම සෞඛ්‍ය ඇමැතිවරයා වෙත පවරා ඇති බව වෛද්‍ය ආඥා පනතේ දක්වා ඇති බවද වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි.
සයිටම් නඩුවෙන් පෙන්වා දෙන පරිදි ඇමැතිවරයා තාක්ෂණික වැරැදි දෙකකට වගකිව යුතු බවද වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.