FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර ගැන ජනපති කොමීසමට මහ බැංකු අධිපතිව කැඳවයි..

වර්තමාන රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂිදීම සඳහා ලබන 21 වැනි දා අඟහරුවාදා උදේ 10ට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට එම කොමීසම හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබේ.

එ අනුව කොළඹ 12 අධිකරණ මාවතේ පිහිටි තම කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොමීසම ඊයේ (16)  අධිපතිවරයටෙ මෙම නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසම හමුවේ සිද්ධියට අදාළව සාක්ෂිය සටහන් කර ගැනීමට ආචාර්ය කුමාරස්වාමි මහතා ප්‍රථමයෙන් කැඳවීමට තීරණය කර තිබේ.