ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් හා පළපුරුදු ක්‍රීඩකයන් අතර සමබරතාවක් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකාවේ හිටපු දඟ පනදු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් හා එක්දින තරගාවලියේ පරාජය පිළිබඳව මෙන්ම ශ්‍රි ලංකා කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස අදහස් දක්වා ඇත.
එසේම තමා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ කාල සීමාවේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳවද මුරලි මෙහිදි අදහස් දක්වා තිබේ.
“මම ක්‍රීඩා කරන කාලයේ ඔවුන් සුරාජ් රන්දිව් ගෙනවා. නමුත් ඔහුට සිදුවූ දෙයක් නෑ. අජන්ත මෙන්ඩිස් මෙන්ම ජීවන් මෙන්ඩිස්ටත් ඒ දේ වූවා. දක්ෂ ක්‍රීඩකයන් එනවා යනවා. එය ඔවුන්ගේ විශ්වාසයට ගැටලුවක් ඇති කරනවනවා. “








