FAST NEWS

24×7 Around the Globe

සී.එස්. එන් පෙත්සම විභාග කිරීමට අධිකරණය දින දෙයි..

විකාශන බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව සී.එස්. එන් රූපවාහිනී නාලිකාව ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

එ අනුව එම පෙත්සම මාර්තු මස 16 වනදා විභාගයට ගැනීමට නියම කළ  අතර එතෙක්  සී.එස්. එන් නාලිකාව සඳහා නිකුත් කර ඇති සංඛ්‍යාත වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය දීර්ඝ කිරීමට නියම කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.