අධිකරණ ක්ෂේත‍්‍රයට අදාළ පත්කිරීම් සිදු කිරීමේදී කිසිදු අවස්ථාවක තම පුද්ගලික අභිමතය පරිදි තනි තීන්දු ගෙන නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (15) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති 2017 ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය අමතමින් පැවසීය.
පසුගියදා අන්තර්ජාලය ඇතුළු මාධ්‍ය මගින් මෙන්ම අධිකරණ ක්ෂේත‍්‍රයේ ඇතැම් ආයතන චෝදනා එල්ල කළ මහාධිකරණ විනිශ්චයකාර පත්වීම සිදුකරන ලද්දේ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
එමෙන්ම අදාළ පත්කිරීම සිදු කරන ලද්දේ අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ආයතවල නිරික්ෂණයට ඉදිරිපත්කොට අනුමැතිය හිමිවීමෙන් පසුව බව ද පැවසු ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු ඉතාමත් පිරිසිදුව, විනිවිදභාවයෙන් යුතුව ඉටුවිය යුතුය යන්න එදත්, අදත්, හෙටත් තම ස්ථාවරය බව ද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේය.
කෙසේ වෙතත් පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පෙරේදා (14) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා පැවසූයේ අධිකරණ ඇමැතිවරයාගේ විරුද්ධත්වය නොතකා දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව මත මඩකලපුව ප්‍රදේශයේ පෞද්ගලික නීතිඥ සේවයේ යෙදී සිටි නීතිඥවරයකු මහාධිකරණ විනිසුරුවකු ලෙස පත්කර ඇති බවයි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා සදාචාරයට පටහැනිව මෙවැනි පත්කිරීමක් සිදුවූයේ කෙසේද යන්න දිසා විනිසුරුවන් හා මහෙස්‌ත්‍රාත්වරුන් නිල වශයෙන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය අගවිනිසුරුවරයා හමුවී සාකච්ඡා කර තිබෙන බවත් කිසිදු අවස්‌ථාවක නීතිඥ සංගමය මෙවැනි ඉල්ලීමක් කර නැති බවත් එම සංගමය ප්‍රකාශ කර ඇතැයි ඔහු එහිදී පෙන්වා දෙයි.
එබැවින් මෙම මහාධිකරණ විනිසුරුවරයා පත්කිරීමට මැදිහත් වී ඇති දේශපාලන පක්‍ෂය කුමක්‌ද යන්න රටට හෙළිදරව් කිරීම අධිකරණ ඇමැතිවරයාගේ යුතුකම බවත් පැවසූ ජී. එල්. පීරිස් මහතා මෙය රහසක් ලෙස තවදුරටත් තබාගැනීමට නොහැකි බවත් එය හෙළිදරව් කිරීම ඉතාම වැදගත් බවත් පැවසී ය.
මෙම දේශපාලන පත්වීම පිළිබඳව නීතිපතිවරයා කර තිබෙන නිර්දේශය කුමක්‌ද යන්න හා එම පත්වීම අනුමත කළාද යන්න පිළිබඳව ද රටට අනාවරණය කිරීමත් නීතිපතිවරයාගේ වගකීමක් බවත් ඔහු සඳහන් කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.