FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අනුකමිටු වලින් මන්ත්‍රීන් 06ක් ඉවත් වෙයි..!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු නියෝජනය කරනු ලබන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම අනුකමිටුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර  ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, තාරක බාලසූරිය, විදුර වික්‍රමනායක යන මහත්වරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙලෙස අදාළ අනුකමිටුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව පැවසේ.

ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ සැඟවුණු, ගුප්ත, යටිකූට්ටු භාවය හේතුවෙන් මෙසේ එම අනුකමිටුවලින් ඉවත්වීමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර ඇතත් ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් ඉවත්වීමේ තීරණයකට එළැඹ නැති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.