FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරනායක ගුවන්තොටේ සේවයට සුනඛයින් 20ක්..

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවයේ යෙදවීම සඳහා සුනඛයින් 20 දෙනෙකු මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සුනඛ පැටවුන් 20 දෙනෙකු මිල දී ගෙන, පුහුණු කර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා ආරක්ෂක කටයුතුවල යෙදවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්  ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.