FAST NEWS

24×7 Around the Globe

මහනුවර ගැටඹේදී බස් අනතුරක් – 25 කට තුවාල..

මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් විසිපස් දෙනෙකු තුවාල ලබා  ඇති බව වාර්තා වේ.

එකම දිසාවට ධාවනය වු බස් රථ දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව පැවසේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.