FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ රහස් සේවා අධ්‍යක්ෂ විශ්‍රාම යයි..

ඇමෙරිකාවේ රහස් සේවා අධ්‍යක්ෂ ජොශප් ක්ලැන්සි එළැඹෙන මාර්තු 04 වැනිදා සිය ධුරයෙන් නිල වශයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කැලැන්සි 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා රහස් සේවාවේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස පත්වු අතර 2015 වසරේ පෙබරවාරි මාසයේ ඔහු එම ධුරයේ අධ්‍යක්ෂ ලෙස දිවුරුම් දුන්නේය.

වත්මන් ඇමෙරිකානු ජනපතිගේ පුද්ගලික ආරක්ෂක කණ්ඩායම හා ඇමෙරිකානු රහස්‍ය සේවා කණ්ඩායම අතර මත භේදයක් හේතුවෙන් ක්ලැන්සි ධුරයෙන් විශ්‍රාම ගන්නා බවට වාර්තා පළවුවත් එහි සත්‍යතාවක් නොමැති බව ක්ලැන්සි අවධාරණය කර ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් වාර්තා කරයි.