FAST NEWS

24×7 Around the Globe

සහල් මෙටි‍්‍රක් ටොන් 3500 ක් ගෙන්වීමට සතොසට අනුමැතිය දෙයි…

දැනට උද්ගතව පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් 3500 ක් සතොස හරහා වහාම ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමීව ඇති බව වාර්තා වේ.

ඊයේ (14) රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව වනජිවි සහ තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මාධ්‍යය වෙත සඳහන් කළේය.