මාලඹේ සයිටම් ආයතනය ශිෂ්‍යයන් බඳවා ගැනීම මාස හයක් යන තුරු නැවැත්වීමට කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුවෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් වෙත සඳහන් කර තිබේ.
එතෙක් ශිෂ්‍යයන් බඳවා ගැනීම දිගටම සිදු කරන බවත් හෙතම සඳහන් කර තිබේ.
සිසුන්ට හොඳ අධ්‍යාපනයක් දීමේ අරමුණෙන් තම ආයතනයේ ආචාර්යවරුන්ට විශාල වැටුපක් ගෙවන බව ද, සයිටම් වෛද්‍ය විද්‍යාලයයට ශිෂ්‍යයන් බඳවා නොගත්තොත් මහාචාර්යවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නැතිව යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා අවධාරණය කර තිබේ.
තම ආයතනයේ විද්‍යාර්ථියින් රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා ගත්තේ එක් විෂයක් සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ගෙවා බවත්,උපාධිය ගත් සිසුන්ට යළි සායනික පුහුණුව දීමට ඔවුන් එකඟ නොවන බව ප්‍රකාශ කළේ යැයිද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.
උසාවි නියෝග අනුව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකළහොත් උසාවියට අපහාස කිරීම යටතේ එම සිසුන් අධිකරණයට යනු ඇති බවත් හෙතෙම අවධාරණය කිර තිබේ.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අලුතින් සිසුන් ගැනීම මාස හයක කාලයක අත්හිටුවීමට යෝජනා කිරීමට සහ ඉන් පිටව යන සිසුන්ට සායනික පුහුණුවකින් පසු වෛද්‍ය සභාවෙන් පවත්වන විභාගයකට පෙනී සිටීමට යෝජනා කිරීමට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී පෙරේදා (13) තීරණය වී තිබිණි.