FAST NEWS

24×7 Around the Globe

හිටපු නි.ඇමති සරත් කුමාර ගුණරත්න නිදොස් වෙයි..

2001 වසරේ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සහ ඔහුගේ රියදුරු මුදාහැරිමට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දූෂාන්ත එපිටවල අද (14) නියෝග කළේය.

2001 වසරේ සීදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ගමන්ගත් රථයේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වුනැයි පැවසෙන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ රියදුරුට එරෙහිව මිනිමැරුම් චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පවරා තිබුණී.

එ අනුව නඩුවට අදාළ සාක්ෂි සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් විසින් අදාළ රිය අනතුර සිදුකළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් මුදාහැරීමට නියෝග කලේය.