FAST NEWS

24×7 Around the Globe

තංගල්ලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කෙරේ..

නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19 න් 07 වන මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අද (14) තංගල්ල මුලික රෝහලේ දී විවෘත කරන ලදි.

මෙම මධ්‍යස්ථාන 19 ඉදිකිරිම සදහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 28 ක් වන අතර ඉතිරි මධ්‍යස්ථාන ද ඉදිරියේ දී විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.