FAST NEWS

24×7 Around the Globe

පර්පචුවෙල් ට්‍රෙෂරීස් මහ බැංකුවට එරෙහිව අධිකරණයට යයි..

සිය සමාගමේ කටයුතුවලට සීමාවන් පනවමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

මහ බැංකුව විසින් ගෙන ඇති මෙම පියවර හේතුවෙන් සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට බාධා ඇතිවන බවත් එම නිසා සමාගම බංකොලොත් තත්ත්වයට පත්විය හැකි බව එම සමාගම සියි පෙත්සමෙහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, මහබැංකු අධිපතිවරයා ඇතුළු 13 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර මෙම පෙත්සම සලකා බැලීම පෙබරවාරි 20 වන දින සිදුකිරීමට නියමිතය.