FAST NEWS

24×7 Around the Globe

ධවල මන්දිරයේ ආරක්ෂක උපදේශක මයිකල් ෆලයින් ඉවත් වෙයි..

ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ආරක්ෂක උපදේශක වු මයිකල් ෆලයින් මහතා එම තනතුරින් ඉල්ලා අස්වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එ අනුව ඊයේ (13) රාත්‍රියේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව පැවසේ.

අමේරිකාවේ රුසියානු තානාපතිවරයා හා ෆලයින් අතර පැවැති දුරකතන සාකච්ඡා පිළිබඳව ඇමෙරිකානු පරිපාලනය නොමග යැවීම ෆලියින්ට එරෙහිව ඇති චෝදනාව බවද පැවසේ.

ඒ සම්බන්ධයෙන් මීන් ඉහතදී ඇමෙරිකානු ජනපතිවරයාගෙන්ද ෆලයින් සමාව ගෙන තිබුණි.

ඒ අනුව ඇමෙරිකාවේ විශ්‍රාමික ජනරාල්වරයෙකු වන ඩේවිඩ් පෙට්‍රාවුස් හෝ හිටපු වයිස් අද්මිරාල්වරයෙකු වෙන බොබ් හොවාර්ඩ් නව ආරක්ෂක උපදේශක තනතුර සඳහා පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි.