FAST NEWS

24×7 Around the Globe

මහ ඇමති වීමට සිටි ශෂිකලාට වසර 04ක සිරබත්..

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය අපේක්ෂාවෙන් සිටින ශෂිකලා නටරාජන්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) සිව් වසරක සිර දඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් වන චෝදනාවලට වරදකාරිය කරමින් අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම මෙම තීන්දුවත් සමඟ ඇයට තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීමට අවස්ථාවක් නොමැති බවත් වසර 10ක් යන තුරු මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට ද අවස්ථාව අහමී වන බවද පැවසේ.