FAST NEWS

24×7 Around the Globe

උ.පෙළ විභාගය සඳහා අයැදුම් කිරීම හෙටින් අවසන්..

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීම හෙට(15) දිනයෙන් අවසන් වන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

ඒ අනුව පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ද පුද්ගලික අයදුම්කරුවන් පුද්ගලිකව ද අයදුම්පත් යොමුකළ යුතු බවද,හෙට(15) දිනයෙන් පසුව ඉදිරිපත් කරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව ද  විභාග දෙපාර්තුමේන්තුව අවධාරණය කරයි.