FAST NEWS

24×7 Around the Globe

සයිටම් සඳහා අපේ රජය අවසර දුන්නේ කොන්දේසි මතයි – හිටපු ජනපති

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට තම රජය විසින් අවසර ලබා දුන්නේ කොන්දේසි සහිතව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතා ඊයේ (13දා) ප්‍රකාශ කෙළේය.

තම සහෝදරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවක් විභාග වන අයුරු දැක බලා ගැනීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමින් එසේ පැවැසීය.