FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් මාර්ගය වැසේ…

මෑන්පවර් සේවකයන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ඔවුන් විරෝධතා පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීමත් සමඟයි මෙලෙස මාර්ගය වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති බව පැවසේ..

තම සේවය ස්ථීර කිරීම සම්බන්ධයෙන් ගැටළු පැහැදිලි කිරීම සඳහා විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට පැමිණ සිටි බවද වැඩි දුරටත් වාර්තා වේ.