FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ පෙත්සමට විරෝධතා ඇත්නම් ගොනු කරන්නැයි නියෝග..

රජයේ  වාහන අවභාවිතා  කළැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතාට ඇප දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරිම පෙබරවාරි 27 වැනි දා සිදු කරන ලෙස කොළඹ මහාධිකරණ අද (13) නියෝග කළේය.

ජනවාරි 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාරගතකර සිටින මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා නොදිමට එරෙහිවයි.