FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට කලහකාරී සිද්ධියේ 24 ක් යළි රිමාන්ඩ්…

හම්බන්තොට ආයෝජන කලාපයේ ඉඩම් පවරා ගැනීමට විරෝධය පළ කිරීමේදී ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයින් 25 දෙනාගෙන් එක් අයෙකුට ඇප නියම කිරීමට අද(13) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එ අනුව සුවිශේෂි කරුණු මත ඔහු ලක්ෂ 05ක ශරීර ඇප තුනක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

සෙසු සැකකරුවන් 24 දෙනා ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණී.