FAST NEWS

24×7 Around the Globe

ඒ.අයි.ඒ.ඩි.එම්.කේ.පක්ෂ නායිකා වී.කේ.ශෂිකලා උපවාසයකට සැරසෙයි..

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් ඒ.අයි.ඒ.ඩි.එම්.කේ.පක්ෂ නායිකා වී.කේ.ශෂිකලා උපවාසයක නිරත වීමට සූදානම් වන බවට ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

තමිල්නාඩු ආණ්ඩුකාර විද්යායසාගර් රාඕ විසින් තමාට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාගැනීමට බාධා පැමිණවීම සම්බන්ධයෙන් ඇය මෙලෙස උපවාසයේ නිරත වීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අවසන් කටයුතු සිදුවු ස්ථානයේ ඇය මෙලෙස එම උපවාසයේ නිරතවීමට සූදානම් වන බවද වාර්තා වේ.

හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධුරය සඳහා ඕ.පනීර්සෙල්වම් පත් කෙරුණි.

ඕ.පනීර්සෙල්වම් ප්‍රධාන අමාත්‍ය  ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා වි.කේ.ශෂිකලා ඒ.අයි.ඒ.ඩි.එම්.කේ.පක්ෂය විසින් යෝජනා කෙරුණි.